නිසංසල සඳ

අමාවක අහසක සඳක් වෙන්න පෙරුම් පුරමි මා...

තාමත් මම බලා සිටිමි....

Home

ආදරේ ගැන
අඩුම තරමේ ජීවිතේ ගැන
පුංචිම පුංචි හැගීමක්වත් නොතිබුන කාලේක
මතකද...ඔයා කිව්වා...
"කවදක හරි ඔයා මාව දාල ගියත්,
මම ඔයාව දාලා යන්නේ නෑ"

මම හයියෙන්ම හිනාවුනා
"මම ඔයාව දාලා ගියොත්...
ඔයා මගේ පස්සෙන් එනවද...?"

"මම ඔයාට යන්න දෙන්නෙ නෑ"
ඔයා කිව්වා....

"ඒක වෙන්න බෑ....
මට හිතුනොත් මම යනවා"
මම කිව්වා....

"ඔයාට හිතෙන එකක් නැති වෙයි..."
ඔයා කිව්වා

'පිස්සු' මට ඇත්තටම හිතුනා...

මට තාමත් විශ්වාස නෑ....
කාටත්ම නොකියා ඔයා ගිහින් කියලා.....

මම හැමදාම බලන් ඉන්නවා....
කවදමහරි ඔයා එයි
ඒ ඇවිත් කියයි....
"මම ඔයාට යන්න දෙන්නෙ නෑ"

මමත් මග බලන් ඉන්නවා.....
"ඇත්ත...
මට ඔයාව දාලා යන්න බෑ...... "

4 ප්‍රතිචාර::

හෝඅයි...හාඅයි...හාප්පේ...මෙන්න තවත් බූට් එකක්....

 

niyamai lassanai...oya danuna dewal oita kalinma danenna ariyanam samahara wita mita wada hama dema hodin wenna ida thibuna kiyala hithenawa hikzzzzzz

 

ගොඩාක් ලස්සනයි.මට අතීතය මතක් වෙනවා...ඒ අතීතයට මම තාමත් මගේ පනට වඩා ආදරෙයි...තව ලියන්න අපි හැමදාම කියවනවා...

 

me mama innawa oya lagama mama innawa......

 

Post a Comment

ඔයාලාගේ හිතට දැනුන දේත් කියලා යන්න අමතක කරන්න එපා...