නිසංසල සඳ

අමාවක අහසක සඳක් වෙන්න පෙරුම් පුරමි මා...

තාමත් මම හිනා වෙනවා...

Home
ආදරේ
පස්සෙන් එද්දි...
මම දිව්වා ....
එක හුස්මටම...
හිතුවේ නපුරු හීනයක් කියලා...

ඒත්...
හති වැටිලා...
හැරිලා බලද්දි...
ආදරේ නැවතිලා...

හිත ගැස්සුනා...
පාලු හිතුනා ...
ඒ ආදරේ ඕනෙමයි කියලා...
හිත කෑගැහුවා...
හිතුනා...
ආදරේ ආශිර්වාදයක් කියලා...
අයෙත් ආපස්සට හැරුනා
ආදරේ හොයාගෙන...

ඒත්...
නැවතිලා තිබුනේ...
ආදරේ නෙමෙයි...
ඔයාගේ ජීවිතේ...

තාමත් මම හිනා වෙනවා
මගේ කදුලු වලින්...
අනිත් අයව අසරන කරන්න
බැරි නිසා...
ඒත් හැමදාම
හදවතින් අඩනවා...
හිත තාමත්...
ඒ ආදරේ ඉල්ලන නිසා...........

6 ප්‍රතිචාර::

ඇත්තටම දුක හිතෙනවා මේක කියෙව්වාම... හ්ම්ම්ම්... ලස්සනයි වගේම දුකයි... දිගටම ලියන්න... නියමයි...

 

දුකයි යාළු ගොඩක්...මේකෙ තේරුම මම දැකපු හැටියට මට එහෙම හිතුනා...හොද නිර්මාණයක්--

 

ආදරේ
පස්සෙන් එද්දි...
මම දිව්වා ....
එක හුස්මටම...
හිතුවේ නපුරු හීනයක් කියලා...

ඔය දේ නිසා කොයි තරම් අය ආදරේ අහිමි කරගන්නවාද?

ලස්සන නිර්මාණයක්!

 

ලස්සනයි ලස්සනට ගලපලා තියනවා....

 

මමත් මගේ ආදරය පස්සේ
හති දාගේන තාම දූවනවා
එත් එයා කොහේ දෝ
හැංගිලා....
මම හැමතැනම හොයනවා
එත් එයා නැ..
කොයි තරම් දිව්වත් මට මහන්සිත් නැ
තියේන්නේ කියා ගන්න බැරි තරම්
දූකක් විතරයි....
එත් ඔයා වගේම හිතලා
මමත් හිනාවේනවා..
වේනස තියේන්නේ
මගේ ආදරය තාම නැවතිලා නැ
කවදා හරි දවසක
එයාට හිතුනෝන්
මම තමයි එයාගේ ආදරය කියලා
එයාට මව හොයන්න
දේයක් නැ....
තියේන්නේ හැරිලා
බලන්න විතරයි
මොකද? මම එයා ගේ
සෙවනැල්ල නිසා..
එතකන් මගේ ජිවිතයත්
නතර වේලා වගේ
හරියටම ඔරලෝසූවේ
බට්ටා වගේ
එකම තැනකින් පටන් ගේන
දේපැත්නට වැනි වැනි
පාඩූවේ ඉන්නවා........

 

@ හෑක්ක්‍රිශ්,
හ්ම්.....
ජීවිතේ එහෙම තමා....
බොහොම ස්තුතියි........... :)

@ තරු අහස,
ඈත්ත තරූ.....
බොහොම ස්තුතියි ඔයාටත්...

@ ළමයා,
ඔව් ළමයෝ
ආදරේ පස්සෙන් එද්දි
අපි දුවනව
හිතේ විශ්වාසේ අපට කියන නිසා
කොච්චර දිව්වත් ආදරේ අපිව දාල දුවන එකක් නෑ කියලා.........
ඒත් ඒක එහෙමම නෙමෙයිනේ....
ඔයාටත් ගොඩාක් ස්තුතියි ළමයො.........

@ එරන්ද,
ගොඩාක් ස්තුතියි එරන්ද......

@ ආ ඔයත් ආවද??
නියමයිනේ..........
ලස්සනට ලියලා තියෙනවා....

 

Post a Comment

ඔයාලාගේ හිතට දැනුන දේත් කියලා යන්න අමතක කරන්න එපා...