නිසංසල සඳ

අමාවක අහසක සඳක් වෙන්න පෙරුම් පුරමි මා...

Showing posts with label නිසදැස්. Show all posts
Showing posts with label නිසදැස්. Show all posts

තාමත් මම බලා සිටිමි....


ආදරේ ගැන
අඩුම තරමේ ජීවිතේ ගැන
පුංචිම පුංචි හැගීමක්වත් නොතිබුන කාලේක
මතකද...ඔයා කිව්වා...
"කවදක හරි ඔයා මාව දාල ගියත්,
මම ඔයාව දාලා යන්නේ නෑ"

මම හයියෙන්ම හිනාවුනා
"මම ඔයාව දාලා ගියොත්...
ඔයා මගේ පස්සෙන් එනවද...?"

"මම ඔයාට යන්න දෙන්නෙ නෑ"
ඔයා කිව්වා....

තාමත් මම හිනා වෙනවා...

ආදරේ
පස්සෙන් එද්දි...
මම දිව්වා ....
එක හුස්මටම...
හිතුවේ නපුරු හීනයක් කියලා...

ඒත්...
හති වැටිලා...
හැරිලා බලද්දි...
ආදරේ නැවතිලා...

හිත ගැස්සුනා...
පාලු හිතුනා ...
ඒ ආදරේ ඕනෙමයි කියලා...
හිත කෑගැහුවා...
හිතුනා...
ආදරේ ආශිර්වාදයක් කියලා...
අයෙත් ආපස්සට හැරුනා
ආදරේ හොයාගෙන...